-
පෙරවරු හතයි තිහට පෙර සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසලට පැමිණිය යුතුය.
-
පෙරවරු හතයි තිහට පෙර සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසලට පැමිණිය යුතුය.
-
විද්‍යාලයේ සීනු නාදයට සියලු සිසුන් අවනත විය යුතුය.
උදයේ ආගමික වතාවත් හා පාසල ආරම්භය
1. පළමු සීනු නාදය පෙරවරු 7.25ට ප්‍රධාන රැස්වීම් දිනයක නම් පීඩා පිටියට හා සෙසු දිනවල ආගමික කටයුතු කරන ස්ථානයට රැස්වීම හා සූදානම් වීම
2. දෙවනුව සීනු නාදය:- නිශ්ශබ්ද වීම
3. තෙවනුව සීනු නාදය:- ආගමික වතාවත් වල යෙදීම
4. සිව්වන සීනු නාදය:- පන්ති කාමරයට පිවිස අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම
පාසල් දිනයේ අවසානය:- ප.ව.1.30 ට
1. පළමු සීනු නාදය:- අධ්‍යන කටයුතු අවසන්කොට සූදානම් වීම.
2. දෙවන සීනු නාදය:- නිශ්ශබ්ද වීමට.
3. චත්ත මානවක ගාථා ගායනා කිරීම.
4. පාසලෙන් පිටවීම (පන්තිකාමරයේ සිට දෙදෙනා බැගින් පෙළගැසී පාරේ දකුණු පසින් පිටවී යාම)
- පාසල් කාලය තුළ හැසිරීම හා ඉගෙනීමේ කටයුතු
1. අධ්‍යයන කාලසීමාව තුළ පන්ති කාමරයේ රැඳී සිටිය යුතුය ආපනශාලා ජලාම හා වැසිකිළි ආදී ස්ථානවල රැඳී සිටීම තහනම් පාසල ආරම්භයට පෙර විවේක කාලයේදී හා පාසල අවසානයේදී පසු පමණක් පාසල තුළ පිහිටි ආපනශාලා හෝ වෙළෙඳසල් වෙත යාමට අවසර ඇත
2. ආහාර ගෙන ඒම සඳහා අනිවාර්යයෙන්ම කෑම පෙට්ටියක් භාවිතා කළ යුතුය පොලිතීන් දවටන භාවිතය වැළකිය යුතුය රැගෙන ආ ආහාර නියමිත වේලාවේදී පන්ති කාමරයේදී අනුභව කළ යුතුය ඉතිරි වූ ආහාර දවටන ආදිය දෙස් තුළ රඳවා තබා ගැනීම හෝ නිසි පරිදි බැහැර නොකිරීම තදබල වරදකි
3. අන් අයගේ ආහාර ගැනීමට බාධා කිරීම අනවසරයෙන් අන් අයගේ බෑ විවෘත කිරීම පන්ති කාමරය තුළ ගෝෂා කරමින් සෙසු අයට බාධා කිරීම දඩුවම් ලැබිය හැකි වරදක්වේ
4. ක්‍රීඩා කිරීම් සෙල්ලම් කිරීම් කළ හැක්කේ ක්‍රීඩා පිටියේදී පමණික්‍රීඩා පිටියේ හැර සෙසු ස්ථානවල දිවයාම පඩි පෙල් මත සිසුන් ගමන් කරන පටු ස්ථානවල ගේට්ටු අසල රැඳී සිටීම දැන දැන කල්ලි ගැසීම කවර හේතුවක් නිසාවත් කනිෂ්ඨ ජේෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විද්‍යාලයේ යාම හෝ ප්‍රාථමික සිසුන් ඉහළ පන්ති කාමර පිරිසට යාම හෝ එහි ඉගැන්වීම් කටයුතුවලට බාධා කිරීම තහනම්ය
5.කවර හෝ ක්‍රීඩාවක් සඳහා වත් ඩෙස්ක් පුටු අබලන් පාසල් උපකරණ දෙස් පුටු ලෑලි ආදිය ක්‍රීඩා උපකරණ ලෙස යොදා ගැනීම ජල කරාම ගොඩනැගිලාදියට හානි කිරීම නොකළ යුතුය
6. පාසල නිමවීමෙන් පසු හා පාසල වසා ඇති නිවාඩු දිනවල කවර හෝ අවශ්‍යතාවයක් සඳහාවත් ගුරු මහත්මියකුගේ හෝ ගුරු මහත්මියකගේ අධීක්ෂණය නැති විද්‍යාල භූමියේ රැඳී සිටීම තහනම්
7. විදුහලේදී මෙන්ම පිටතදීත් විදුහලේ හා තමාගේ ගෞරවයට හා කීර්තියට හානි වන සේ හැසිරෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳව විනයානුකූල පියවර ගැනීමට සිදුවේ. අදාළ කාල ඡේදය නියමිත ගුරු බවතා පැමිණ නැතිනම් පන්ති නායකයා හෝ නායිකාව ඒ බව විදුහල්පතිට හෝ නියෝජ්‍ය විදුහල්පතිට දන්වා සුදුසු පරිදි ක්‍රියාකළ යුතුය.
- පාසලෙන් බැහැරව යාම
1. පාසැල් කාලය තුළ කවර හේතුවක් නිසාවත් පාසලෙන් බැහැර යාමට අවසර නැත.
2. තදබල අසනීප අවස්ථාවලදී රෝහල්ගත කිරීමට හෝ අත්‍යවශ්‍ය අවස්ථාවකදී සුදුසු පියවර ගැනීමටත් ක්‍රියා කරනු ඇත
-
පාසැල් නොපැමිණීම
1. පාසලට නොපැමිණි දිනයක් සඳහා පසුදිනම මව / පියා / භාරකරුගෙන් ලබාගත් හේතු සහිත විධිමත් සටහනක් ශිෂ්‍ය වාර්තා පොතෙහි තබාගෙන පැමිණිය යුතුය.
2. සමීප දින පහකට වඩා පාසැල් නොපැමිණියහොත් ඊළඟ පාසැල් පැමිණෙන දිනයේ දී අනිවාර්යෙන්ම භාරකරුවකෙකු සමග පැමිණිය යුතුය.
3. සමීප දින පහකට වඩා පාසැල් නොපැමිණියහොත් ඊළඟ පාසැල් පැමිණෙන දිනයේ දී අනිවාර්යෙන්ම භාරකරුවකෙකු සමග පැමිණිය යුතුය.
- පාසැල් නිල ඇඳුම හා බාහිර පෙනුම
පිරිමි නිළ ඇඳුම
1. එක සිට පහ දක්වා සුදු කොට කලිසම හා අත් කොට කමිසය පාසැල් ලාංඡනය හා ටයි පටිය සහිතව සකස් විය යුතුය.
2. 6 සිට 9 දක්වා සුදු කොට කලිසම හා සුදු අත්කොට කමිසය වම්පස නිල ලාංඡනය සමඟ.
3. 10 සිට 13 වසර දක්වා සුදු දිග කලිසම හා සුදු අත්කොට කමිසය වම්පස නිල ලාංඡනය සහිතව
4. කලිසම - කලිසම් පටියේ සිට පහළට විහිදෙන රැලි දෙකක් සහිතව දෙපස චාම් සාක්කු දෙකක් හා පිටුපස පියන් රහිත චාම් සාක්කු එකක් සමග සකස් විය යුතුයි. කලිසම වඩා විශාල වඩා දිග හෝ හිර නොවූ, අනවශ්‍ය බොත්තම්, මැසුම්, කැපුම් , ලාංඡන හා ලේබල් රහිත වූවක් විය යුතුය.
5. කමිසය - සාමාන්‍ය කොළරය, සුදු බොත්තම්, වම්පස පියන් නැති තනි සාක්කුව හා වැලමිටට අගලක් ඉහළින් පිහිටි අත සහිත විය යුතුය.
ගැහැණු නිල ඇඳුම
1.දණහිසේ සිට පහළට අඟල් දෙකක් දිග වූ, සෙන්ටිමීටර් හතරක් පළල රැළි සහිත වූවක් විය යුතුය. ටයිපටිය සහ වම් පස නිල ලාංඡනය අනිවාර්යෙන්ම පැළඳිය යුතුය.
කොණ්ඩය පිරිමි
1. කොණ්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. හිස මැදින් බෙදා දෙපසට පීරීම, මුඩුකොට කැපීම, හා විවිධ මෝස්තර තහනම්ය. රැවුල කන මැදින් පහළට සම්පූර්ණයෙන් කැපිය යුතුය. මුදු මාල අත් පලදනා පැළඳීම නිය වැවීම තහනම්ය.
කොණ්ඩය ගැහැණු
1.කොණ්ඩය මැදින් බෙදා පස්සට පීරා කැරලි දෙකක් සේ ගොතා කළු පටියකින් දෙකෙළවර බැඳිය යුතුය. කොණ්ඩය කපා ඇති අය විලාසිතා වලින් තොරව චාම් ලෙස ක්‍රමවත්ව කොටට කපා තිබිය යුතුය. චාම් කොණ්ඩා කටු හැරඅලංකාර කටු වර්ග හා බෑන්ඩ් කටු නොපැලදිය යුතුය. එල්ලෙන කරාඹු ,මුදු, මාල අත් පළඳනා නොපැළඳිය යුතුය.
පාවහන් පැළඳීම
1. පිරිමි ළමුන් කළු සපත්තු හා තනි සුදු මේස් ද, ගැහැණු ළමුන් සුදු සපත්තු හාමි තනි සුදු මේස් ද පැළඳිය යුතුය.
- පොදු උපදෙස්
1. ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල මුදල් ප්‍රමාණ හා වටිනා භාණ්ඩ පාසලට ගෙන ඒමෙන් වැළකිය යුතුය.
2. සියලු සිසුන් සතු භාණ්ඩ පිළිබඳ වගකීම හා ආරක්‍ෂාව අදාළ ශ්‍රේණියේ සියලු දෙනා විසින් දැරිය යුතුය
3. දිනපතා නියමිත විෂයයන්ට අදාළ පෙළපොත් රැගෙන ඒමත් , ඒවා ආරක්ෂා කර ගැනීමත් සිසුන් සතු වගකීමකි.
4. විද්‍යාලයේ නීති රීති පිළිපැදීමටත්, ඒ සඳහා ශිෂ්‍ය නායක නායිකාවන් කරන ඉල්ලීම් හා උපදෙස් අනුව ක්‍රියා කිරීමටත් සියලු දෙනා බැඳී සිටිය යුතුය.
5. ආචාර්ය මණ්ඩලයේ සියලු ගුරු භවතුන්ට සෑම ශිෂ්‍යයෙක්ම ශිෂ්‍යාවක්ම අවනත විය යුතුය.
6. සේවා පහසුකම් ගාස්තු නිසි අවස්ථාවන්හි නිසි පරිදි ගෙවිය යුතුය.
7. ශිෂ්‍ය වාර්තා පොත දිනපතා පාසල් රැගෙන ආ යුතු අතර, එය ඉතා පිරිසිදුව ප්‍රවේසම් සහිතව තබා ගන්න.
- සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම පාසැල් ගීතය කටපාඩමින් ගැයීමේ හැකියාව තිබිය යුතුය.
- විද්‍යාලීය අභ්‍යන්තරය හා පරිපාලන කටයුතු සම්බන්ධ විවේචන විමර්ශන හෝ අදහස් දැක්වීම බාහිර පුද්ගලයින් සමග කිරීමෙන් වැළකිය යුතුය.
- විද්‍යාලයේ නම සදහන් කරමින් කිසිදු පුවත්පතකට සඟරාවකට ලිපි පළ කිරීම කිසිදු සම්මන්ත්‍රණයකට සහභාගී වීම සාකච්ඡාවකට හෝ තරගයකට සහභාගී වීමට පෙර විදුහල්පති තුමාගෙන් අවසර ලබා ගත යුතුය.
- සිසු සිසුවියන් ගුරුභවතුන් විසින් නියම කරන සියලුම විෂය/ විෂයබාහිර/ විෂය සමගාමී කටයුතුවලට අනිවාර්යයෙන් සහභාගී විය යුතුය.
- කිසිදු කාරණයක් සම්බන්ධයෙන් ආධාර මුදල් එකතු කිරීම, ටිකට් විකිණීම, පොත්පත් විකිණීම සඳහා විදුහල්පති තුමාගෙන් පූර්ව අනුමැතියක් ලබාගත යුතුය.
- දෙමාපිය රැස්වීම්වලට දෙමාපියන් සහභාගී කරවීම අනිවාර්යයෙන්ම කළ යුතු අතර තවද ශිෂ්‍ය වාර්තා පොත පවත්වාගෙන යාම පිළිබඳව දෙමාපියන් පරීක්ෂාකාරී විය යුතුය.
- විද්‍යාලීය ගෞරවය හා කීර්ති නාමය් ආරක්‍ෂාවන අන්දමින් විදුහලට ඇතුළත් වූ දින සිටත් විදුහලෙන් ඉවත් වූ පසුවත් යහපත් විනයානුකූල හැසිරීම් රටාවකින් යුතුව අනිවාර්යයෙන්ම ක්‍රියා කළ යුතුය.





