බණ්ඩාරනායක මහා විද්‍යාලය

විද්‍යාලයේ බටහිර තුර්ය  වාදන කණ්ඩායම පුහුණු කිරීම

ඉදිවෙමින් පවතින අංග සම්පුර්ණ සනීපාරක්ෂක පද්ධතිය සිසු අයිතියට

මේ දිනවල ඉදිවන කාර්යාල ගොඩනැගිල්ල තව නොබෝ දිනකින් විවෘත කිරයි

WhatsAppImage2024-07-17at225222_c2293922.jpeg
WhatsAppImage2024-07-17at225222_c2293922.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

A.T.W. ජයරත්න

මීරිගම බණ්ඩාරනායක මහා විද්‍යාලයීය පාසල් ගීතයෙහි අර්ථයට අනුව යමින්, "දින දින දිදුලමින්, දන මන පුබුදමින්, දස දෙස යස රැස පතුරුවාලීමට" තැබුවා වූ අභිමානවත් පියවරක් වශයෙන් විද්‍යාලයීය වෙබ් අඩවිය මෙසේ එළි දැක්වීමට  පියවර තැබීම මහත් සොම්නසට කරුණකි.

නවීන ලෝකය හා මුසුවීමට විද්‍යාලයට අඩුපාඩුවක්ව පැවැති මෙම වෙබ් අඩවිය නිර්මාණයට අප විද්‍යාලයේ සිසුන් පුහුණු කිරීමට යොමුකිරීම ට උනන්දු වූ සියළු පාර්ශවයන්ට මම මෙහිදී ස්තූතිවන්ත වෙමි. එලෙසම එම සිසුන්ට  මෙම නිර්මාණ කාර්යය අනාගතයේ තොරතුරු තාක්ෂණ ලොවට පිවිසීමට ලබාගත් විශාල අත්දැකීමක් හා දිරිගැන්වීමක්ද  වනු නොඅනුමානය.

මෙම වෙබ් අඩවිය තුළින් අපේ පාසල පිළිබද ලොවට හදුන්වා දීමට කටයුතු කිරීමත්, ගුරු සිසු දෙපිරිම මෙම වෙබ් අඩවිය නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමත් තුළින් මෙම නිර්මාණාත්මක කාර්යයේඅරමුණු සඵල වේවා යි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

A.T.W. ජයරත්න
නියෝජ්‍ය විදුහල්පති
බප/මිනු බණ්ඩාරනායක මහා විද්‍යාලය.