බණ්ඩාරනායක මහා විද්‍යාලය

විද්‍යාලයේ බටහිර තුර්ය  වාදන කණ්ඩායම පුහුණු කිරීම

ඉදිවෙමින් පවතින අංග සම්පුර්ණ සනීපාරක්ෂක පද්ධතිය සිසු අයිතියට

මේ දිනවල ඉදිවන කාර්යාල ගොඩනැගිල්ල තව නොබෝ දිනකින් විවෘත කිරයි

WhatsAppImage2024-07-17at225222_c2293922.jpeg
WhatsAppImage2024-07-17at225222_c2293922.jpeg

විදුහල්පති පණිවිඩය

නිමල් රත්නායක මහතා

මීරිගම බණ්ඩාරනායක මහා විද්‍යාලයේ වෙබ් අඩවියට පිවිසුම පිළිබඳව මේ සටහන තබන්නේ මහත් සාඩම්බරයෙනි. අප විද්‍යාලීය දැක්මද වන්නේ විශ්ව ගම්මානයට විශිෂ්ටයින් බිහි කිරීමයි.

එම ප්‍රස්තුතයෙහි ලා මෙම අන්තර්ජාල ප්‍රවේශයද එයට මාහැගි පිටිවහලක් වේ. විශ්ව ගම්මානයට අප විද්‍යාලය මෙසේ පිවිසීම අප විද්‍යාලයට මෙන්ම එහි ආදි ශිෂ්‍ය හා පාසල් ප්‍රජාවට මෙන්ම ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්ෂේත්‍රයට ද ඉතා වැදගත් වෙයි.  විශ්වය පුරා ඇති හා සංකල්ප හා ඥානනයන් මෙමගින් අප විදුහලට ද ග්‍රහණය කර ගැනීමට හැකිවනු ඇත. එසේම අපවිද්‍යාලය හා ඉන් ඉටු කෙරෙන කාර්යයන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු සපයමින් පාසල් ප්‍රජාව ඉදිරියටත් දැනුවත් කරමින් උසස් තොරතුරු සමුද්ධරණ සේවාවක් සැපයීම මෙම වෙබ් අඩවිය නිර්මාණයෙහි මූලික අපේක්ෂාවයි.

මාගේ එම අපේක්ෂාව මල්ඵල ගැන්වීමට මේ තුළින්හැකි වේවා යැයි ප්‍රාර්ථනා කරන අතර, මෙය නිර්මාණය සදහා ඇපකැප වී සිය කාලය ශ්‍රමය වැය කළ අප විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ විෂය භාර ඩබ්. එච්. රසාංගිකා ගුරු මහක්මිය ප්‍රධාන වෙබ් අඩවි සංවර්ධන සිසු කණ්ඩායමට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.  

නිමල් රත්නායක මහතා
විදුහල්පති
බප/මිනු බණ්ඩාරනායක මහා විද්‍යාලය.