මීරිගම බණ්ඩාරනායක ම.වි. රටේ ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු බිහි කළ පුණ්‍ය භූමිය යැයි කියනු ලැබේ. එබැවින් විද්‍යාලයට ශක්තිමත් ආදි ශිෂ්‍ය සංගමයක් ඇත.2004 වර්ෂයේ ආරම්භ කළ විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ ආරම්භක නිලධාරීන් වෘත්තීය මාධ්‍යවේදී ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි, වෘත්තීය කලාකරු අජිත් ක්‍රිෂාන්ත සේරම්.
මේ වනවිට ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් මෙසේය.
සභාපති: ඩබ්ලිව්.එන්.රත්නායක මහතා (විදුහල්පති)
ලේකම්: නයන් එරංග මහතා
භාණ්ඩාගාරික: ලාල් ගුණවර්ධන මහතා
උප ලේකම්: තරිඳු රුවන් මහතා
විගණක: ඉසුරු සම්පත් මහතා
සෙනට් සභිකයින්: ප්‍රියන්ජිත් රුවන් කුමාර මහතා
ඉඳුනිල් සම්පත් මහතා
අරුණ විතාන මහතා
ආදි ශිෂ්‍ය සංගමය පසුගිය කාලයේ විද්‍යාලයට විශාල සේවයන්
• පාසල සඳහා තෙමහල් ගොඩනැඟිල්ලක් ලබා ගැනීමට මූලික උත්සාහයන් ක්‍රියාත්මක වේ.
• CCTV පද්ධති සහ ශබ්ද පද්ධති ස්ථාපනය කිරීම.
• පරිගණක, ඡායා පිටපත් යන්ත්‍ර වැනි කාර්යාලීය උපකරණ පරිත්‍යාග කිරීම.
• විශේෂ අධ්‍යාපන ඒකකය සඳහා සම්පූර්ණ සනීපාරක්ෂක පද්ධතියක් සකස් කිරීම.
• දැල් පන්දු ක්‍රීඩාව සඳහා ක්‍රීඩා පිටිය සකස් කිරීම.
• පාසලේ ප්‍රධාන ළිඳ ප්‍රතිසංස්කරණය කිරීම.
• ශිෂ්‍ය නායකයින් සඳහා නිල කබා ලබා දීම.
• ගුරු ශිෂ්‍ය ඇගයීම් සහ ගුරු සංවර්ධන වැඩසටහන් සංවිධානය කිරීම.
• විද්‍යාල පරිශ්‍ර ප්‍රතිසංස්කරණය කිරීම.





