මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලංකාවේ පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පරිසර නියමු යනුවෙන් වැඩසටහනක් පවත්වනු ලැබේ .
අප පාසලේ ද එම වැඩසටහනට සම්බන්ධව පරිසර නියමු වැඩසටහනක් පවත්වනු ලබයි..
දැනට ප්‍රාථමික අංශයේ තුරුලතා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 25 දෙනෙකුද
විහඟ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 26 දෙනෙකුද
සොබා සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 75 දෙදෙනෙකුද වශයෙන්ද ක්‍රියාකාරීව සම්බන්ධ වෙයි.
6 සහ 7 ශ්‍රේණිවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 75 දෙනෙකු හා හරිත වර්ණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තිස් දෙනෙකු වශයෙන් පරිසර නියමු වැඩසටහනේ ක්‍රියාකාරීව සම්බන්ධ වෙයි... විද්‍යාලය තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන කණ්ඩායම් බාර නිලධාරිනිය වශයෙන් කටයුතු කරනු ලබන්නේ ගංගා අබේගුණවර්ධන ගුරු මහත්මියයි...
ප්‍රාථමික පරිසර ළමා සමාජ වෙනුවෙන්
ශ්‍යාමා නිරෝෂනී ගුරු මහත්මියද ශාලිකා කෝරලගමගේ ගුරු මහත්මියද මෙම වැඩසටහනට සම්බන්ධව කටයුතු කරයි.
පාසල් තුළ පවත්වනු ලබන පරිසර නියම කණ්ඩායම් ක්‍රියාකාරකම් නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන් පරිසරය හා සම්බන්ධ වන අතර ඔවුන් අතර සහකම්පනයත් පරිසරය කෙරේ ඇල්මත් ඇතිවේ..
මෙම ක්‍රියාකාරකම් නිසා දරුවන්ගේ සිත් තුළ පරිසර පිළිබඳව දැඩි සංවේදීතාවයක් ඇතිවෙයි. ඉතා කලබලකාරී වාතාවරණයක හැසිරෙන දරුවන්ගේ මනස මොහොතකට හෝ සෞන්දර්යයෙන් පිරවීමට මෙම ක්‍රියාකාරකම් වඩාත් උපයෝගී වේ.
දරුවන් විසින් ශාක රෝපණය කර රැක බලා ගැනීමත්...ඔවුන් අවට ඇති පරිසරයේ වටිනාකම පිළිබඳ අවබෝධයත් ලබාගැනීමත්...මෙම කණ්ඩායම් ක්‍රියාකාරකම් මගින් ඔවුන්ට විවිධ අත්දැකීම් විඳීමටත්. පරිසර සම්බන්ධ ක්ෂේත්‍ර චාරිකාවන්ට සහභාගි වීමටත් හැකියාව ලැබේ. මේ වන විටත් විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විවිධ ක්ෂේත්‍ර චාරිකා සඳහා සහභාගි වී ඇත.
අප විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් මීරිගම රෝහල භූමිය තුළ පලතුරු පැල 105ක් සිට වූ පලතුරු උයනක් පවත්වාගෙන යයි.
දැනට වසර දහයකට පමණ පෙර සිට අප විද්‍යාලයේ පරිසර නියමු කණ්ඩායම් ක්‍රියාත්මක වන අතර වර්තමානයේ එම කණ්ඩායම් ක්‍රියාකාරකම් ඉතා උත්කර්ෂවත් ලෙස සිදුකරනු ලැබේ.
අප විද්‍යාලයේ සෑම බදාදා දිනකම උදෑසන පරිසර නියම ගීතය විකාශය කරමින් ශිෂ්‍යයන් ගායනා කරන අතර එදින විශේෂ පරිසර දිනයක් ලෙස ශිෂ්‍ය ශිෂ්‍යාවන් පරිසර ඇඳුමෙන් සැරසී පාසැල් භූමියෙහි විවිධ පරිසර කටයුතු සිදු කරනු ලබයි.





