බණ්ඩාරනායක මහා විද්‍යාලය ලෙදර් ක්‍රිකට් ආරම්භ වූයේ 2012 වර්ෂයේදීය.
මේ දක්වා වයස අවුරුදු 13න් 15න් 14 න් හා 19න් පහළබාලක ක්‍රිකට් කණ්ඩායම් ස්ථාපනය කර තිබේ.
ඒම කණ්ඩායම් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබනගම්පහ දිස්ත්‍රික් හා සමස්ත ලංකා තරගාවලි නියෝජනය කරයි.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සියලු වයස් කාණ්ඩවල කණ්ඩායම් ලියාපදිංචිව සිටි.
පාසල් ක්‍රිකට් කණ්ඩායම් සියල්ලගේම දෙමාපියන්ගේ එකතුවෙන් සංගමයක් ස්ථාපනය කර ඇති අතර මූල්‍ය පාලනය ඇතුළු සියලු කාර්යයන් සියල්ලම සිදුවනුයේ එහි නිලධාරී මණ්ඩලයක් මගිනි.
බණ්ඩාරනායක ක්‍රිකට් ක්‍රීඩක දෙමාපිය සංසදය නමින් දෙමාපියන් සංගමයක් පිහිටුවා එහි නිලධාරී මණ්ඩලයක් පත්කරගෙන රැස්වීම් පවත්වමින් ඉදිරි කටයුතු සංවිධානය කරයි.
විදුහල්පති තුමා ක්‍රීඩා භාර ආචාර්ය හා ක්‍රිකට් භාර ආචාර්යවරයෙකු මගින් පාසල් ක්‍රිකට් කණ්ඩායම්වල කටයුතු අධීක්ෂණය කරයි.
විවිධ වැඩසටහන් ව්‍යාපෘති තුළින් ක්‍රිකට් ක්‍රීඩක දෙමාපියන් සංගමය සඳහා අරමුදල් සොයාගනු ලබයි.
දැනට දෙමාපිය සංගමය සඳහා බැංකු ගිණුමක් ද පවත්වාගෙන යන අතර මාසික හා වාර්ෂික අයවැය ලේඛන ඉදිරිපත් කරනු ලබයි.
ක්‍රීඩා කණ්ඩායම් සඳහා ප්‍රධාන පුහුණුකරු ලෙස පී. ප්‍රියංකර මහතා කටයුතු කරන අතර සහාය පුහුණුකරුවන් දෙදෙනකු බඳවාගෙන තිබේ.
වාර්ෂිකව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රිකට් ක්‍රීඩා භාණ්ඩ ලබා දෙන අතර දරුවන් විසින්ද ක්‍රීඩා උපකරණ පෞද්ගලිකව ද ලබා ගනී.
ක්‍රිකට් තරගාවලි නියෝජනය කරමින් ජයග්‍රහණ රාශියක් ලබා ගෙන ඇති අතර දක්ෂ දරුවන් ජනප්‍රිය පාසැල් කරා යොමු කර ඔවුන්ගේ ක්‍රිකට් ජාතික තලයට රැගෙන යාමට බණ්ඩාරනායක මහා විද්‍යාලයේ ලෙදර් ක්‍රිකට් සංගමය කටයුතු කරමින් සිටී.





